SolaX Power Network Technology (Zhejiang) Co.,Ltd.
SolaX Power Network Technology (Zhejiang) Co.,Ltd.
ENGLISH(GLOBAL)
String ඉන්වර්ටර්

String ඉන්වර්ටර්

අපි තනි අදියර (single Phase), ව්‍යාපාරික හා කාර්මික අංශයේ (C&I) භාවිතය සඳහා සුදුසු තනි-අදියර සහ තුන්-අදියර (3-Phase) string ඉන්වර්ටර් සපයන්නෙමු. පුළුල් බල පරාසයක් සමඟින්, ඉහළ කාර්යක්ෂමතාව, බලශක්ති ඉතිරිකිරීම් සහ නම්‍යශීලී පද්ධති වින්‍යාසය අපගේ පරිශීලකයින්ට හරිත ජීවිතයකට මග හසර සලසයි.
බලශක්ති ගබඩා ඉන්වර්ටර්

බලශක්ති ගබඩා ඉන්වර්ටර්

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කරමින් අපි වඩාත් විශ්වාසදායක සහ කාර්යක්ෂම බලශක්ති ගබඩා සහ කළමනාකරණ පද්ධති ඔබට පිරිනමන්නෙමු.
බැටරි පද්ධතිය

බැටරි පද්ධතිය

ආරක්ෂිත බැටරි LFP සෛල තාක්ෂණය සමඟින් බැටරියට ඉහළ ආරෝපණ සහ විසර්ජන ජීවන චක්‍රයක් සහ විශිෂ්ට මෙහෙයුම් කාර්ය සාධනයක් සහතික කෙරේ.
EV චාජර්

EV චාජර්

SolaX හරිත බලශක්තිය මත පදනම් වූ ස්මාර්ට් හෝම් චාජර් සපයයි. කාර්යක්ෂම, බුද්ධිමත් සහ තෝරාගත හැකි ක්‍රියාකාරී මාතයන් පාරිභෝගිකයින්ට තම නිවෙස්වල සූර්ය බලශක්තිය භාවිතා කිරීම සැබවින්ම උපරිම කිරීමට ඉඩ සලසයි.
අමතර උපාංග

අමතර උපාංග

නිෂ්පාදන අතර බාධාවකින් තොරව ගැළපුම නිසා පරිශීලකයින්ට පහසුවෙන් සහ ඉක්මනින් තමන්ගේම විසඳුම් ගොඩනගා ගත හැකිය.
සෝලක්ස්
සෝලක්ස්
ගුණාත්මක සංරචක

ඉන්වර්ටර් සිට සවිකරන පද්ධති සහ උපාංග දක්වා සියලුම SolaX Power උපකරණ නිර්මාණය කර ඇත. සෑම සංරචකයක්ම දැඩි තත්ත්ව සහතික පරීක්ෂාවකට යටත් වන අතර, එය අධික උෂ්ණත්වයන්, කම්පන සහ අනෙකුත් පාරිසරික සාධකවලට ඔරොත්තු දෙන බව සහතික කරයි. සෑම උපකරණයක්ම සවිස්තරාත්මක වගකීමකින් බැදී ඇති බැවින් පාරිභෝගිකයින්ට තම ආයෝජනයේ ආරක්ෂාව සහතික කර ඇත.

ගෝලීය සහාය

SolaX Power සූර්ය උපකරණ ගෝලීය ආධාරක ජාලයකින් අනුග්‍රහය දක්වයි. නිෂ්පාදන පිළිබඳව පාරිභෝගිකයින්ට ඇති ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට අපගේ පාරිභෝගික සේවා කණ්ඩායම සුදානමින් ඇත. ස්ථාපනය සහ දෝශ නිරාකරණය සඳහා සහය ලබා දීමට කැප වූ තාක්ෂණික සහාය කණ්ඩායමක් ද අප සතුව ඇත. මෙම මට්ටමේ සහාය ඇතිව, පාරිභෝගිකයින්ට තමන්ට ඇති ඕනෑම ගැටළුවක් ඉක්මනින් හා කාර්යක්ෂමව විසඳිය හැකි බවට සහතික විය හැකිය.

විශ්වසනීයත්වය

SolaX Power සූර්ය උපකරණ විශ්වසනීය සහ කල් පවතින ඒවා වේ. අප සමාගම භාවිතා කරන්නේ උසස් තත්ත්වයේ ද්‍රව්‍ය සහ සංරචක පමණක් වන අතර ඒවා භාවිතයට ගැනීමට පෙර හොඳින් නිරීක්ෂණය කර පරීක්ෂා කරනු ලැබේ. මෙමගින් අපගේ උපකරණ වඩාත් විශ්වාසදායක වන අතර එහි කල්පැවැත්ම වැඩි කරයි.

පරිසර හිතකාමී

SoloX Power සූර්ය උපකරණ නිර්මාණය කර ඇත්තේ පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන අතර එය නිපදවා ඇත්තේ පරිසරය හිතකාමී ආරක්ෂිත ද්‍රව්‍ය භාවිතයෙන් සාදන ලද උපකරණ සමඟිනි.  එය බලශක්ති පරිභෝජනය අඩු කරයි. එය අපගේ පරිශීලකයන් හට තෘප්තිමත් ජීවිතයකට ඉඩ හසර සලසන අතර ඔවුන්ගේ කාබන් පියසටහන අඩු කිරීමට ද උපකාරී වේ.

පහසු ස්ථාපනය

SolaX Power මඟින් පෙර විදුම් සිදුරු සහ පහසු උපදෙස් අනුගමනය කිරීම මෙන්ම ප්ලග් ඇන්ඩ් ප්ලේ (plug-&-play) කේබල් සහිත ඉන්වර්ටර් සමඟ පහසු ස්ථාපනයක් සපයයි. මෙමගින් පාරිභෝගිකයින්ට තම සූර්ය පද්ධති ඉක්මනින් ක්‍රියාත්මක කර ගැනීමට පහසු වන අතර දිගු කාලීනව කාලය සහ මුදල් ඉතිරි වේ.

SolaX Power Network Technology (Zhejiang) Co.,Ltd.
ඔබගේ අත්දැකීම ප්‍රශස්ත කිරීමට සහ පුද්ගලීකරණය කිරීමට අපි කුකීස් භාවිතා කරමු, නමුත් ඔබට අත්‍යවශ්‍ය නොවන කුකීවලින් ඉවත් වීමට තෝරා ගත හැක.
වැඩි විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය ඒ වගේම භාවිත නියම
සියල්ල ප්‍රතික්ෂේප කරන්න
සියල්ල පිළිගන්න